මව්පිය විරසක සීරුවරැන්

අපි ගැන දැන යුතු දේ

මව්පිය විරසක සීරුවරැන් යනු, පවුලක එක් දෙමාපියෙකු සහ දරුවන්ගේ සම්බන්ධතාවයේ දක්නට ලැබෙන ගැටළුකාරී තත්වයකට, සාථර්කව මුහුණ දීමට උපකාරවන තොරතුරු සහ අවශ්‍ය උපදෙස් ලබා දෙන මූලාශ්‍රයකි. මෙම තත්වය මව්පිය විරසකය ලෙස හැඳින්වේ.
එයට හේතුවන්නේ එකම පවුලේ මව හෝ පියා විසින් නිර්මාණය කරන ලද ගැටලුකාරී තත්වයක් නිසාය.
මෙවැන්නක් බොහෝ විට දකින්නට ලැබෙන්නේ පවුලක අඹුසැමියන් අතර අසමගිය වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.
අපි ස්වේච්ඡා කණ්ඩායමක් වන අතර, ආගමික හෝ දේශපාලන බැඳීම් නොමැත.
ගැටලුවක් විසඳීමේ පළමු පියවර වන්නේ, තත්වය හඳුනා ගැනීමට සහ කළමනාකරණය කිරීමට උපකාර වන සාක්ෂි සහිත තොරතුරු සපයාදී, එහි පැවැත්ම පිළිබඳව දැනුවත් කිරීමයි.
මව්පිය විරසක සීරුවරැන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ, මෙවැනි තත්වයට මුහුණ දෙන දරුවන් සහ ඉලක්ක කරගත් දෙමාපියන්ට, මෙම තත්වය වළක්වා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදීමය.
මව්පිය විරසක වීම සමහර පවුල්වලට බලපාන බරපතල ගැටලුවකි. මෙවැන්නක් කිසිවකු විසින් නොඉවසිය යුතුය, තවද නොපිළිගතයුතුය. එවැනි බලපෑම්වලට ලක් වූ දරුවන් සහ විරසක වූ දෙමව්පියන්ගේ දුක්ඛිත තත්වය නොසලකා නොහැරියයුතුය.
එමගින් ඇතිවෙන ප්‍රතිවිපාක, බලපෑමට ලක් වූ දරුවන්ට, ඔවුන්ගේ වැඩිහිටි විය දක්වා හෝ ඉන් ඔබ්බට පවා පැවතිය හැකිය.
අපගේ සේවාව විශිෂ්ටව සැපයීම සඳහා අපි ලොව පුරා රටවල ක්‍රියාත්මක වන අප හා සමාන කණ්ඩායම් සහ සංවිධාන කිහිපයක් සමඟ සම්බන්ධවී සිටිමු.

මෙම ව්‍යාපෘතිය පිළිබඳ අපගේ දැක්ම

අපගේ ප්‍රධාන අරමුණ වන්නේ මව්පිය විරසකය ලෙසින් හඳුන්වන මෙම තත්වයේ පැවැත්ම පිළිබඳව දැනුවත් කිරීම සහ එහි විනාශකාරී බලපෑම් ඉස්මතු කිරීමයි. මෙවැනක් හඳුනා ගන්නේ කෙසේදැයි පෙන්වීම සහ එය වැළැක්වීමට හෝ එයින් සිදුවූ හානියට පිළියම් යෙදීමට ගත යුතු පියවර දැක්වීම, අපගේ මූලික අරමුණ වේ. මෙවැන්නක් කල්තියා හඳුනා ගැනීමෙන් එවැනි විපත්තිවලට ගොදුරු වීමෙන් සිදුවන හානිය අවම කර ගත හැකිය.

අපගේ සේවාව

මව්පිය විරසක භාවය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ එයින් බලපෑමට ලක්වූවන්ට ප්‍රයෝජනවත් උපදෙස් ලබා දීම. සපයනු ලබන තොරතුරු මගින් මේ ගැටලුකාරී තත්වයට මුහුණ දෙන පුද්ගලයන්ව දැනුවත් කර, වින්දිතයින්හට උපරිමයෙන් උපකාර වන ලෙස, ඔවුන් කළ යුතු දේ ඔවුන්ට පෙන්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මව්පිය විරසක සීරුවරැන්ගේ ප්‍රධාන අරමුණ මෙයවේ.

මව්පිය විරසකය අවබෝධ කර ගැනීම

පවුලක එක් දෙමාපියෙකු හිතාමතාම තම දරුවන් එම පවුලේ අනෙක් දෙමාපියන්ට එරෙහිව ක්‍රියා කිරීමට සැලැස්වීම මව්පිය විරසකය ලෙස හැඳින්වේ.
මෙලෙස ඉලක්ක කරගත් දෙමාපියන් දරුවන්ට ආදරය හෝ සැලකිල්ලක් නොදක්වන බව පවසමින් විරසක කරවන මව්පියෝ, දරුවාගේ මනසට මෙය ඇතුල් කරයි.
තවද ඉලක්ක කරගත් දෙමව්පියන් බොහෝ අවස්ථාවලදී බාධාවක් ලෙසත්, ඔවුන් ගෙන් මුදල් හෝ පහසුකම් හෝ කිසිදු උපකාරයක් නොලැබෙන බවත්, විරසක කරවන මව්පියෝ දරුවන්ට පෙන්නුම් කරයි.
දුරස්තවූ දෙමව්පියන්ව නරක ලෙස පෙන්නුම් කිරීම සදහා, ඔවුන්ට එරෙහිව බොරු චෝදනා එල්ල කිරීම, මෙහි ක්‍රියා පටිපාටියයි.
විරසක කරවන මව්පියන් තම දරුවන් ඉලක්ක කරගත් දෙමාපියන් සමඟ කිට්ටු ඇසුරක් පැවැත්වීම හැකිතාක් වළක්වයි. එවැනි සම්බන්දතාවයක් තියෙනවා නම් හෝ එලෙස සම්බන්ධවීමට උත්සාහ කරන බව දන්නේ නම්, එය දරුවාගේ වරදක් බව ඔවුන්ට පවසනු ඇත.
ඉලක්ක කරගත් දෙමාපියන්ගෙන් දරුවන් ඈත් කිරීමට, විරසක කරවන මව්පියන් ලොකු උත්සාහයක් ගනු ලැබේ.
ඉලක්ක කරගත් දෙමාපියන් බිහිසුණු අය ලෙස පෙන්වා දරුවන්ගේ සිත් තුළ ඔවුන් කෙරෙහි අකමැත්තක් සහ වෛරයක් කිරීමට, විරසක කරවන මව්පියන් උත්සාහයක් දරයි.
මව්පිය විරසකය න්‍යායාත්මක ක්‍රියාවලියක් වන අතර එමඟින් පවුලක දරුවන් එක් මාපියෙකුගෙන් විරසක කරගනු ලැබේ. එය තනිකරම එකම පවුලේ අනෙක් දෙමාපියන්ගේ මනෝවිද්‍යාත්මක උපාමාරුවල ප්‍රතිඵලයකි.
විරසක කරවන මව්පියන් සීමා උල්ලංඝණය කරමින් තම අවශ්‍යතා සපුරා ගැනීමට තම දරුවන් යොදා ගනිති. එය දරුවාගේ සෞඛ්ය සම්පන්න වර්ධනයට බරපතල ලෙස බාධා ඇති කරයි.
මෙය වෙස්වලාගත් ළමා අපචාරයක් වන අතර එය ආක්‍රමණශීලි මාපිය කටයුතුලෙසද හැඳින්විය හැක.
මව්පිය විරසකයේ පැවැත්ම දැන් විශ්වීය වශයෙන් දන්නා කරුණකි. එය ක්‍රියාවලියක් මිස, සිදුවීමක් පමණික් නොවන බව හොඳින් වටහා ගත යුතුය.

රාජකීය නිල් වණර් පීත්ත පටිය ජාත්‍යන්තරව පිළිගත් මව්පිය විරසක දැනුවත්කිරීමේ සංකේතය වේ.

සෑම වසරකම අප්‍රේල් 25 වන දින මව්පිය විරසක දැනුවත් කිරීමේ දිනය ලෙස සැලකේ.ජාත්‍යන්තර වශයෙන් මෙය සමරනු ලබන්නේ දරුවන් මව්පියන්ගෙන් වෙන්වීම, දුරස් කිරීම සහ ඈත් වීම පිළිබඳව දැනුවත් කිරීම සඳහාය.

මව්පිය විරසකයේ බලපෑම්

මව්පිය විරසකය සමහර පවුල්වලට බලපාන බරපතල ගැටලුවකි. දරුවන් සහ ඉලක්ක කරගත් දෙමාපියන් ගැන සැලකිල්ලක් දක්වන කිසිවෙකු විසින්, එය පිළිගත යුතු හෝ නොසලකා හැරිය නොයුතුය.
මව්පිය විරසක වීම දරුවෙකුගේ අවශ්‍යතා ආරක්ෂා නොකරන අතර, එය ඔවුනව බොහෝ විට අනතුරට පත් කරඇත. ඉලක්ක කරගත් මව්පිය විරසක වීම දරුවෙකුගේ අවශ්‍යතා ආරක්ෂා මාපියන්ගේ දුක්ඛිත තත්වය සම්බන්ධයෙන්ද, එයම කිව හැකිය.

බලපෑමට ලක් වූ දරුවන්

අධ්‍යයන වලින් පෙන්නුම් කරන්නේ මව්පිය විරසකයට ලක් වූ දරුවන් දිගුකාලීන මානසික හානියකට ගොදුරුවිය හැකිබවය.
දරුවකුගේ ජීවිතයෙන් එක් දෙමාපියෙක් ඈත් කලවිට, ඒ දරුවාට හුදකලා බවක් සහ නොසලකා හැරීමක්, දැඩි ලෙස දැනේ.
එසේ දැනෙන අතරතුර අනාරක්ෂිත හැඟීම්ද ඇති කරයි. තවද දරුවන්ට ඔවුන් ප්‍රතික්ෂේප කිරීමට සැලැස්වූ මාපියන් සමඟ ජීවිත කාලය පුරාවටම, ආදරණීය හා සහයෝගය දක්වන සබඳතාව, මග හැරේ.
මෙවැනි තත්වයක් දිගුකාලීන, සෘණාත්මක ප්‍රතිවිපාක රැසක් සමඟ සම්බන්ධ වේ.
මෙහි ප්‍රතිඵල විරසක වූ දරුවන්ට විනාශකාරී වන අතර, එහි ප්‍රතිවිපාක ජීවිත කාලය පුරාවටම පැවතිය හැක.
මානසික අවපීඩනය, කාංසාව, දුවර්ල ආත්ම අභිමානය, සබඳතා කෙරෙහි විශ්වාසයක් නොමැතිකම, දික්කසාද අනුපාත ඉහළ යාම සහ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම, එමගින් ඇතිවන හානිකර ප්‍රතිවිපාකවලින් කිහිපයකි.
දියණියන් ස්වභාවිකවම තම පියා සමඟ සම්බන්ධ වීමට ආශා කරයි. ඔවුන් තම පියාගේ චිත්තවේගීය හා ශාරීරික සෙනෙහස බෙහෙවින් අගය කරති.
අපට පෙනීයනපරදී, දියණියන් සහ පියවරුන් අතර ශක්තිමත් සම්බන්ධතාවයක් ඇති විට, එවැනි දියණියන් ජීවිතයේ විවිධ මට්ටම්වල සාථර්කව කටයුතු කරන බව දැකිය හැක. එබැවින් එම පිය සෙනෙහස දුදරුවන්ට අහිමි වීමෙන්, දුරදිග යන දීගකාලීන ප්‍රතිවිපාක ඇති කරයි.
තවද, මව්පිය විරසකයට ලක්වූ දරුවන් තුළ, ඉලක්ක කරගත් විරසක වූ මාපියන් කෙරෙහි නොනැසී පවතින කෝපයක් ඇති වේ. මෙලෙස දිගු කලක් කෝපයෙන් සිටීම දරුවන්ට විනාශකාරී වියහැක.

විරසකවූ මව්පියන්

විරසක වූ දෙමව්පියන්ට මව්පිය විරසක වීම දැඩි ලෙස බලපායි.
ඔවුන් හට පශ්චාත් කම්පන ආතති ආබාධ රෝග ලක්ෂණ සහ මානසික අවපීඩනවලට ලක්වීමේ ඉහළ අනුපාතද වාර්තා වී ඇත.
දැඩි ලෙස පීඩාවට පත් වූ සමහර දෙමාපියන් සියදිවි නසාගෙන ඇත. මෙය මව්පිය විරසකයට ගොදුරු වූවන්ට අමතර ප්‍රතිකාර ක්‍රමයක් සඳහා දොර විවර කරයි.
දෙමව්පියන් අතර විවාහ බැඳීම නීත්‍යානුකූල එකක් වන අතර එය බිඳීයා හැක. දරුවන් සහ දෙමාපියන් අතර ඇති බැඳීම ජීව විද්‍යාත්මක බැඳීමකි. එය බිඳ දැමිය නොහැකිය. එවැනි සම්බන්ධතාවයක බිඳවැටීමේ ප්‍රතිවිපාක, ඉතා බරපතල විය හැක.

මව්පිය විරසකයට විරුද්ධවාදීන්

මව්පියන්ගෙන් දරුවන් විරසක කරවන සමහර දෙමාපියන් මෙය රෝගයක් හෝ මානසික ත්තවයක් ලෙස වෛද්‍ය සහ වෘත්තීය ආයතන හඳුනාගෙන නොමැති බව පවසයි.
එයට නිශ්චිත හේතුව වන්නේ මෙය මාපිය-දූදරු සබඳතාවයේ පවතින්නාවූ ගැටලුවක් වන අතර, එය මානසික ආබාධයක් නොවන බැවිනි. මව්පිය විරසකයහි පැවැත්ම දැන් සමාජය තුළ ප්‍රචලිත වෙමින් පවතින නිසා එය බොහෝ දෙනා දන්නා කරුණකි.
මව්පිය විරසකභාවය යන්නෙන් අදහස් කරන්නේ දෙමාපියන් මුහුණ දෙන තත්වයටය. මව්පිය විරසක සින්ඩ්‍රෝමය යනුවෙන් හඳුන්වන්නේ එවැනි බලපෑම් වලට ලක් වූ දරුවාන්ගේ තත්වයටය.
මෙය වර්ෂ 1985 දී ඇමරිකානු ළමා මනෝචිකිත්සකයෙකු වන වෛද්‍ය රිචඩ් ගාඩ්නර් මහතා විසින් ඔහුගේ පෞද්ගලික නිරීක්ෂණ මත පදනම්ව වර්ධනය කර ඉදිරිපත් කරන ලදී.

මව්පිය විරසකය ඇඟවීමේ සංඥා

රෝගයක් හෝ හානිකර තත්වයක් කළමනාකරණය කිරීමේදී ආරම්භය, එය නිශ්චිතව හඳුනා ගැනීම වේ. මව්පිය විරසකය ගැන දැනුවත් වීමෙන් එය කල්තියා හඳුනා ගැනීමටත්, එය තවදුරට වැළැක්වීම සඳහා පියවර ගැනීමටත් උපකාර වේ.

විරසක කරන මව්පියන් විසින් පෙන්නුම් කරන ලද සංඥා

දරුවන් පෙන්නුම් කරන සංඥා

වැළැක්වීමේ ක්‍රියාවලිය

අඹුසැමියන් අතර අසමගිය පවතින අවස්ථාවලදී මව්පිය විරසක වීම් ගැන විමසිල්ලෙන් සිටිය යුතුය.
දෙමාපියන් වාද විවාද කරන හෝ රණ්ඩුවක යෙදන අවස්ථාවකදී දරුවන් සාක්ෂිකරුවන් නොවන බවටත්, ඔවුන්ගේ සම්බන්ධ වීම සම්පූණර්යෙන්ම වැළැක්විය යුතු බවටත් වග බලා ගතයුතුය. දෙමව්පියන් අතර අසමගි තත්වයන් තම දරුවන් ඉදිරියේ නොව, ඔවුන් දෙදෙනා විසින් පෞද්ගලිකව විසඳා ගත යුතු ය.
දරුවන් සමඟ සම්බන්ධ වීමට බාධා ඇති බව ඉලක්ක කරගත් මාපියන්ට පැහැදිලිව පෙනෙන අවස්ථාවන්හිදී, විරසක කරවන මව්පියන්ට නොදැනුවත්ව, දරුවන් සමඟ සම්බන්ධතා ඇති කර ගැනීමට ක්‍රම අනුගමනය කලයුතුවේ.

මුහුණ දියයුතූ අයුරු

අමතන්න

අපි ඔබගේ අදහස් දැන ගැනීමට කැමැත්තෙමු
සබැදිය බාවිතා කර අප සමග සම්බන්ද විය හැක
සියලුම තොරතුරු රහසිගතව පවතී
Scroll to Top